ඇඳිරි නීතිය කඩකල රැසක් අත්අඩංගුවට

මාර් 21, 2020

    දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ එය කළ කළ පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    බණ්ඩාරගම,මහඋල්පත ප්‍රදේශයේ ඇඳිරිනීතිය කඩ කරමින් මත්පැන් පානය කර ක්‍රීඩා පිටියක නිකරුනේ ගැවසෙමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් වයස අවුරුදු 18ත් 56ත් අතර වයස්වල පසුවන්නන්.

    ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුල හපුතලේ ප්‍රදේශයේ ආපන ශාලාවක් විවෘතව තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    තංගල්ල,විතාරන්දෙණිය මාර්ගයේ දී බීමත්ව යතුරුපැදියකින් ගමන් කර සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් අද (21) දින අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    කටුනායක ප්‍රදේශයේ දී ඇඳිරිනීතිය කාලය තුල නිකරුනේ මාර්ගයේ ගැවසෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 11:03

    Latest News