අද(26) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කර ඇති අතර, එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

මාර්තු මස 20 වන දින සිට අද (22) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර 61621 ක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් මුළු වාහන සංඛ්‍යාව 17 322 ක්.

මාර්තු මස 20 වන දින සිට අද (21) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර 61,093ක පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් ඊයේ (15) උදෑසන 6.00 ට අද උදෑසන 6.00 දක්වා ගත වු පැය 24 ක කාලය තුළ පමණක් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 559 දෙනෙක් හා වාහන 205 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(16) රාත්‍රී 08.00 සිට සඳුදා අළුයම 05.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව රජය පවසයි.

ඇඳිරිනීතිය පැනවීම නිසා ගම්පහ දිස්තික්කයේ අතරමංව සිටි දෙදහසකට පමණ පිරිසක්‌ සිය ගම්‌ බලා අද පිටත්ව ගියා.

ජනතා අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතන අද වැඩ ආරම්භ කෙරිණ.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය තිබියදි ජන ජිවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය, හෙට(11) සිට යථාතත්වයට පත් කිරීමට නියමිතව තිබේ.

අද (08) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 859 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News