දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 5185ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඳිරි නීතිය උල්ලංඝණය කර අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට මින් ඉදිරියට පොලිස් ඇප හිමි නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිසය.

ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා පුද්ගලයින් 4018 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යළි ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කර තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පනවා තිබූ ඇඳිරි නීතිය අද උදේ 6.00ට ලිහිල්‌ කිරීමත්‌ සමග ජනතනාව විශාල වශයෙන්‌ නගර වෙත පැමිණි බව වාර්තා වේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතී.

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

හිඟයකින්‌ තොරව, ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙළක්‌ දෛනිකව කියාත්මක කර ඇතැයි, කොටුව තොග වෙළෙළ සංගමය හා මැනිං වෙළෙඳපොළ සංගමය පවසයි.

Latest News