ඇදිරි නීතිය කැඩූ 118ක් අත්අඩංගුවට

මාර් 21, 2020

    දිවයිනටම බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 118 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    20 වැනි දින ප.ව 6.00 සිට අද දින (21) ප.ව 6.00 දක්වා කාලය තුල දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනිණ. මින් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකරුනේ ගැවසීම, ක්‍රීඩා පිටියක එක් රැස්ව මත්පැන් පානය කිරීම, වාහන මගින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලා විවෘතව තබා ගැනීම, බීමත්ව මාර්ගයේ අසෝබන ලෙස හැසිරීම, වෙළඳාම් කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන්. සැකකරුවන් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථාන මගින් නීතිමය ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 19:12

    Latest News