පසුගිය පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් හයසීයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ මහ නගර සභාව මඟින් පාලනය වන මාර්ගයන්හි වාහන නැවතුම් ගස්තු අයකිරීම සඳහා කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට කොළඹ මහ නගර සභාව බලය පවරා නොමැති බව නිවේදනයක් නිකුත් කර ඇත.

වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප නම් කර ඇති ප්‍රදේශ හැරුණු විට සෙසු සියලු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අද (16) උදේ 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ලැබීය.

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා අද (16) දින ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග මහියංගණය නගරයට පැමිණි පිරිසක් සිගරට් මිලදී ගැනීම සඳහා සිගරට් ඒජන්සියක් වෙත පැමිණි අවස්ථාවේ දී පොලීසිය හා එම පිරිස උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

රජය ඇඳිරිනීතිය පැනවීමට තීරණය කළේ, කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායි. ඇඳිරිනීතිය පැනවීම නිසා ඇති වන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි, රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප නම් කර ඇති ප්‍රදේශ හැරුණු විට සෙසු සියලු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අද (16) උදේ 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) උදෑසන 6.00ට ඉවත් කිරීමට නියමිතයි.

අද පෙරවරු 6.00ට අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතීය උල්ලංඝනය කළ 1,600 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවරසහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

Latest News