උතුරේ දිස්ත්‍රික්ක 5ක ඇඳිරි නීතිය අගරුවාදා පෙ.ව 6.00 දක්වා දීර්ඝ කෙරේ

මාර් 22, 2020

    මන්නාරම, වව්නියාව,මුලතිව්,කිලිනොච්චි හා යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අගහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ.

    මේ දිස්ත්‍රික්කවල උදේ 6.00ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

    උතුරේ දිස්ත්‍රික්ක 5කට වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර තිබේ.

    පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසය ආසාධිත දේවගැතිවරයා හමුවූ හා ඇසුරු කළ සියලුදෙනා හඳුනාගන්නා තෙක් මේ ගමන් තහනම ක්‍රියාත්මකව පවතියි.

    දිස්ත්‍රික්ක 5 වෙසෙන ජනයා කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ආරක්ෂා කරනු පිණිස මෙ තීරණය ගෙන තිබේ.

    උතුරේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය දෙන්නැයි රජය එහි වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 16:32

    Latest News