ඇඳිරිනීතිය කඩකල 340ක් අත්අඩංගුවට

මාර් 22, 2020

    ඇදිරි නීතිය කඩ කිරීම හේතුවෙන් මේ දක්වා 340කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. 

    ඇඳිරි නීතිය කාලය තුළ එය උල්ලංඝනය කරමින් හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පොලිස් නිලධාරීන් හතළිස් පන් දහසක් යොදවනු ලැබ සිටියි.  සිකුරාදා සවස 6.00 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ, කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහායි.  පොලිස් මූලස්ථානය පවසන්නේ, අද උදේ 9.00 පමණ වන විට ඇඳිරි නීතිය කඩකල 338 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

    ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාර්ගයේ නිකරුනේ ගැවසීම සම්බන්ධයෙන්.  ඊට අමතරව ක්‍රීඩා පිටියක, පිරිසක් වශයෙන් එක් රැස්ව මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලාවක් විවෘතව තබා ගැනීම, බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම හා වෙළඳාම් කිරීම ආදී සිද්ධීන් මුල්කර ගනිමින් අනෙක් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.  ඔවුන් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානය මගින් නෛතික කටයුතු සිදු කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 11:39

    Latest News