ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ මෙරට සියලූම රෝහල්, සතොස ඇතුලූ රාජ්‍ය ආයතන සඳහා මසුන් සැපයීමට ලංකා ධීවර සංස්ථාවට පොලිසිය අවසර ලබා දී තිබේ.

සියළුම ඖෂධ සැල් අවශ්‍යතාවය පරිදි ඇදිරිනීතිය පවතින කාලය තුල විවෘත කර තැබීමට අවස්ථාව සළසා දෙන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළුව දිනපතා පෙරවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුල කොළඹ මැනිං වෙළඳපල මඟින් මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.

අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා එළවළු ප්‍රවාහනය සඳහා සහයක් අවශ්‍ය නම් පොලිසිය ඇමතිය හැකියි.

ඇඳිරිනීතිය ඉවත් කළ කාලසීමාවේ කොට්ටාව, කඩවත වැනි කෙටි දුර ගමන් සඳහා අධිවේගී මාර්ගද විවෘත කර තිබෙන බව පොලීසිය පවසයි.

සවස 2ට යළි ඇඳිරිනීතිය පැන වූව ද අවසන් පාරිභෝගිකයා දක්වා භාණ්ඩ නිකුත් කිරීමට අවසර ලබා දී තිබේ.

කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්කවල සහ උතුරු පළාතේ අද උදේ 6:00 සිට ඉවත් කළ ඇඳිරි නීතිය යළි පනවන වේලාව පස්වරු 2:00 දක්වා දීර්ඝ කර තිබේ.

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරේ.

ඇදිරි නිතිය අද (23) උදැසන 6.00ට ඉවත් කිරිමෙන් පසු හැටන් ඇතුළු ප්‍රධාන නගර කිහිපයකටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනිමට විශාල වශයෙන් පාරිභෝගිකයන් පැමිණ සිටියි.

Latest News