ඇදිරි නීතිය පවතින කාලය තුල ෆාමසි විවෘත කර තැබීමට පියවර

මාර් 24, 2020

    සියළුම ඖෂධ සැල් අවශ්‍යතාවය පරිදි ඇදිරිනීතිය පවතින කාලය තුල විවෘත කර තැබීමට අවස්ථාව සළසා දෙන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

    රට තුල කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීම සදහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළට අනුව ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව ඇත. මේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇත.

    ඒ අනුව මෙහිදී රෝගියාගේ රෝග විනිශ්චය හා ඖෂධ වට්ටොරුව ඇදිරිනීති අවසර පතක් ලෙස සළකන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය පොලිස්පතිවරයාට දන්වා ඇත.

    එමෙන්ම ඖෂධ සැල්වල සේවය කරන සේවකයින්ට සහ ඖෂධ ප්‍රවාහනය කරන වාහන සඳහා අවසරය ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

    Latest News