ඇඳිරි නීතිය කාල සීමාව තුළ මත්ස්‍ය ප්‍රවාහනයට ලංකා ධීවර සංස්ථාවට අවසර

මාර් 25, 2020

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ මෙරට සියලූම රෝහල්, සතොස ඇතුලූ රාජ්‍ය ආයතන සඳහා මසුන් සැපයීමට ලංකා ධීවර සංස්ථාවට පොලිසිය අවසර ලබා දී තිබේ.

    මෙම සැපයුම් කි‍්‍රයාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ධීවරයින්ගෙන් මසුන් මිලදී ගැනීමටත්, මිලදී ගන්නා මසුන් ශීතාගාරවල ගබඩා කිරීමටත් ඒ අනුව කටයුතු කෙරෙනු ඇත.

    අදාළ මත්ස්‍ය තොග සැපයුම් ස්ථාන කරා ප‍්‍රවාහනය කිරීම සඳහා ඇඳිරි නීති බලපත‍්‍ර නිකුත් කිරීමට අවශ්‍ය නොවන බවයි පොලිසිය පැවසුවේ.

    Latest News