ඇඳිරි නීතිය ඉවත්කළ පසු හැටන් ජනතාව නගරයට

මාර් 23, 2020

    ඇදිරි නිතිය අද (23) උදැසන 6.00ට ඉවත් කිරිමෙන් පසු හැටන් ඇතුළු ප්‍රධාන නගර කිහිපයකටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනිමට විශාල වශයෙන් පාරිභෝගිකයන් පැමිණ සිටියි.

    හැටන් නගරයේ සතොස ශාඛාවෙන් භාණ්ඩ මිල දී ගැනිමට දිගු පොලිම් තිබු අතර එම පොලිම් වල සිටින පාරිභෝගිකයන් එකිනෙකාට දුරස්ථභාවයකින් යුතුව පොලිම් පවත්වාගෙන යාමට පොලිස් නිලධාරින් කටයුතු කර තිබුණි.

    සතොස ශාඛාව තුල පාරිභෝගිකයන් සිමිත ප්‍රමාණයක් පමණක් එක්වර ඇතුල් කර ගන්නා අතර , මුඛ ආවරණ නොමැති පාරිභෝගකයන්ට සහන මිලට මුඛ ආවරණ ලබා දිමටද එම ශාඛාවේ කලමණාකාරිත්වය කටයුතු කර තිබුණි.

    හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන් විශාල පිරිසක් මුඛ ආවරණ පැලද නොසිටි අතර මුඛ ආවරණ නොපැලද සිටි පාරිභෝගිකයන්ට ආරක්ෂ අංශ විසින් දැඩි ලෙස අවවාද කරනු ලැබීය.

    ආහාර අලෙවි කරන වෙලදසැල් සියල්ල විවෘත කර තිබු අතර, මත්පැන් අලෙවි සැල් වසා දැමිමට සුරාබදු දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබිණ.

    ලංගම සහ පෞද්ගලික බස් රථ සිමිත ප්‍රමාණයක් පමණක් ධාවනයට එක්කර තිබු අතර, ප්‍රධාන නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ට "කොවිඩ් 19" වෛරසය සම්බන්ධයෙන් නගරය පුරා ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරමින් දැනුවත් කිරිමට හැටන් පොලිසිය කටයුතු කර තිබිණ.

    ඉන්ධන පිරවුම්හල් වල සමාන්‍ය පරිදි ඉන්ධන නිකුත් කල අතර වතුකරයේ ප්‍රධාන නගර වල පාරිභෝගිකයන්ට අවශ්‍ය තරම් ආහාර ද්‍රව්‍ය මිලදි ගැනීමට තොග රැස් කර ඇති බවයි, හැටන් නගරයේ වෙළදුන් කියා සිටියේ.

    01 1

    01 6

    02 2

    02 3

    02 5

    01 4

    Last modified on සදුදා, 23 මාර්තු 2020 10:02

    Latest News