මෙරට ආසාදිත ගණන 705ක්

මැයි 03, 2020

    මෙරට සමස්ත ආසාදිතයින් ගණන 705ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දින (03) තවත් කො‍රෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමගයි. වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 172 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

    තවත් ආසාදිතයින් 523ක් තවදුරටත් අයි.ඩී.එඩ් ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඊයේ දිනය වන විට ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රතයින් 296 දෙනෙක් හමුව තිබේ.

    කෙසේ වෙතත් මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විමෙන් පුද්ගලයින් 07 දෙනෙක් මියගොස් තිබේ.

    Last modified on ඉරිදා, 03 මැයි 2020 08:39

    Latest News