ලොවපුරා කොරෝනා මරණ 2,44,000 ඉක්මවයි

මැයි 03, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ ගණන දෙලක්ෂ හතළිස් හතරදහස් හත්සියය ඉක්මා තිබේ.

    මුළු ආසාදිතයන් ගණන තිස් හතර ලක්ෂ අසූ තුන්දහස් තුන්සිය හතළිස් හතක් දක්වා ඉහළ ගොස් තිබේ.ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 25,100 දක්වා ඉහළ ගොස් තිබේ. එරට ආසාදිතයින් ගණන 2 16 000ක්. සුවය ලැබූ සංඛ්‍යාව 11 72 48ක්.

    වෛරසය වේගයෙන් පැතිර යන රටවල් බවට බ්‍රසීලය හා රුසියාව පත්ව තිබේ. බ්‍රසීලයේ ආසාදිතයන් 100,000 සීමාවට පැමිණෙන විට රුසියාව ආසාදිතයන් 12 5000 සීමාවට පැමිණ තිබේ. රුසියාවේ ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 12 4054ක් ලෙස වාර්තා වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 1222ක්. වෛරසය ආසාදිතව සුවය ලැබූවන් 15,013 දෙනෙකු රුසියාවෙන් වාර්තා වෙයි.

    Last modified on ඉරිදා, 03 මැයි 2020 10:02

    Latest News