සුවය ලැබූ තවත් 8ක් රෝහල්වලින් පිටව යයි

අප්‍රේ 28, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් රෝගීන් අට දෙනෙක් රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 134ක්.

    ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පී.සි.ආර් පරීක්ෂණ 1400ක් සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවත් පුද්ගලයන් 455 දෙනෙක් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

    Last modified on අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 15:31

    Latest News