මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 596ක්

අප්‍රේ 28, 2020

    මෙරට තුල සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 596ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ තවත් ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වීමත් සමඟයි. එමෙන්ම , COVID 19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තතවත් රෝගීන් 8 දෙනෙකු අද (28) රෝහල්වලින් පිටව ගියේය.

    ඒ අනුව වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 134ක්. මේ අතර ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පී.සි.ආර් පරීක්ෂණ 1400ක් සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවත් පුද්ගලයන් 455 දෙනෙකු රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

    Last modified on අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 18:43

    Latest News