රුසියාව විසින් යුක්‍රේනයේ ඔඩෙසා නගරය ආසන්නයේ පිහිටි ගුවන්තොටුපොළකට ඊයේ ප්‍රහාර එල්ල කර තිබේ.

දකුණු කොරියාව දේශීයව නිපදවූ සිය ප්‍රථම අභ්‍යවකාශ රොකට්ටුව අද (21) අභ්‍යවකාශගත කෙරුණා.

මාලි රාජ්‍යයේ "මෝප්ට්" කලාපයේ ගම්මාන කිහිපයකට පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 132 දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

රුසියානු මිසයිල ප්‍රහාරයකින් "ඔඩෙසා" ප්‍රදේශයේ පිහිටි ආහාර ගබඩාවක් විනාශ වූ බව, යුක්‍රේන බලධාරින් පවසනවා.

අමෙරිකා එක්සත් ජනපදය, මෙරටට තවත් ඩොලර් මිලියන 5.75ක පරිත්‍යාගයක් කිරීමට එකඟවී තිබෙනවා.

උතුරු සිරියාවේ අධිවේගී මාර්ගයක බස් රථයක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සිරියානු සොල්දාදුවන් 11 දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු මියගිය බව සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ගේ සන්ධානයට එරට පාලන බලය අහිමි වී තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රංශ මහ මැතිවරණයේ ප්‍රතිඵල අනූව පුරෝකථනය කෙරෙන්නේ, පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට ඔහුගේ සන්ධානයට නොහැකි වනු ඇති බවයි.

යුක්‍රේනයේ සෙවරඩොනෙක්ට්ස් සහ ඉන් පිටත ප්‍රදේශවල තවදුරටත් දරුණු සටන් පවතින බව, ලුහාන්ස්ක් ආණ්ඩුකාරවරයා පවසනවා.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය දූෂණය පිටුදැකීමේ අරගලය පිළිබඳ සාමූහික අධ්‍යයනයක් සිදුකරයි.  

කොන්ගෝවේ සොල්දාදුවෙකු තම රටට ඇතුල්වීමත් සමග වෙඩි තැබූ බව රුවන්ඩා බලදාරින් පවසනවා.

බංගලාදේශයේ උතුරු සහ ඊසාන ප්‍රදේශවලට මේ දිනවල බලපා ඇති ගංවතුර හේතුවෙන් ජන ජීවිතයට දැඩි බාධා එල්ලවී තිබෙනවා.

ඉතියෝපියානු දරුවන්ගෙන් 185,000ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව, "save the children " ජාත්‍යන්තර පුණ්‍යායතනය පවසනවා.

බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස පැය 02ක කාලයක් විදුලි පහන් නිවා දමන ලෙස ඔස්ට්‍රෙිලියානු බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් එරට විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

යුක්‍රේනයේ උතුරු ප්‍රදේශ ඉලක්ක කර රුසියානු හමුදාව එල්ල කළ රොකට් ප්‍රහාරවලින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

ලොව විශාලතම සංචිත හිමි අමෙරිකානු මහ බැංකුව වසර 30කට පමණ පසු සැලකිය යුතු අගයකින් පොලී අනුපාත ඉහළ නංවා තිබෙනවා.

වායු දුෂණය හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවගේ ආයු අපේක්ෂාව වසර 10කින් පමණ අඩුවී ඇති බව, නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

චීනයේ අගනුවර වන බීජිං නුවර කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා.

දකුණු සුඩානයේ කුසගින්නෙන් පෙළෙන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසයි.

යුරෝපා සංගමය, මංකි ෆොක්ස් හෙවත් වඳුරු උණ රෝගය සඳහා එන්නත් එක් ලක්ෂ දස දහසක් ඇණවුම් කර ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය හමුදාව බලය තහවුරු කර ගනිමින් පවතින යුක්‍රේනයේ සෙවරඩොනෙක්ස් නගරය තුළ සිරවී සිටින සිවිල් වැසියන් ඉවත් කිරීම සදහා මානුෂීය කොරි‍ඩෝවක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව රුසියානු ආරක්‍ෂක අංශ පවසයි.

Latest News