කොංගෝ - රුවන්ඩා, අර්බුදකාරී වාතාවරණය දරුණු අතට...

ජූනි 18, 2022

    කොන්ගෝවේ සොල්දාදුවෙකු තම රටට ඇතුල්වීමත් සමග වෙඩි තැබූ බව රුවන්ඩා බලදාරින් පවසනවා.

    වෙඩි වැදීමෙන් එම සොල්දාදුවා මියගොස් තිබෙනවා. ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවියක් අතැතිව පැමිණි කොන්ගෝ සෙල්දාදුවා, රුවන්ඩා දේශසීමාවේ සිටි ආරක්ෂක නිලධාරින්ට සහ සිවිල් වැසියන්ට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. ඔහුගේ ප්‍රහාරයෙන් රුවන්ඩා පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පසුව ඔහු මෙල්ල කිරීමට වෙඩි තැබූ බව රුවන්ඩා හමුදාව පවසනවා.

    මෙම සිදුවීමත් සමග කලක් තිස්සේ දෙරටේ තිබූ අර්බුදකාරී වාතාවරණය දරුණු අතට හැරී ඇතැයි වාර්තා වනවා. කොන්ගෝ ජනරජයේ බලධාරින් මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වා නොමැති අතර රුවන්ඩා, කොන්ගෝ දේශසීමාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. සිදුවීමෙන් කෝපයට පත් කොන්ගෝ ජනරජ වැසියන්, එරට වීදි ඔස්සේ සටන් පාඨ කියමින්, රුවන්ඩාවට තම අප්‍රසාදය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    Latest News