නවදිල්ලි නුවර ජනතාවගේ ආයු අපේක්ෂාව වසර 10කින් පහලට...

ජූනි 15, 2022

    වායු දුෂණය හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවගේ ආයු අපේක්ෂාව වසර 10කින් පමණ අඩුවී ඇති බව, නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

    අමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද පරිීක්ෂණයකිනුයි, මේ බව හෙළිවී ඇත්තේ. වායු දූෂණය හේතුවෙන් ජනතාව අතර පෙණහලු හා හෘද රෝග ඉහළ  ගොස් තිබෙනවා. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙන් හා බිහාර් ප්‍රාන්තවල මේ තත්ත්වය උග්‍ර ලෙස දැකිය හැකි බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ.

    ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය ලොව වැඩිම වායු දූෂණය සහිත නගරය වන අතර, බංග්ලාදේශයට පසු වඩාත්ම වායු දූෂණය පවතින රට වන්නේ ද ඉන්දියාවයි. අධික වාහන තදබදය හේතුවෙන් රථ වාහනවලින් පිටවන වායුව හා කර්මාන්ත ශාලාවලින් පිටවන අහිතකර වායු ඇතුළු තවත් ක්‍රියාකාරකම් රැසක් ද, මේ තත්ත්වයට මූලික හේතුව බව, විශේෂඥයින් පෙන්වා දෙනවා.

    Latest News