වෛද්‍ය කපිලගේ ඇප ඉල්ලීම කල් යයි

අප්‍රේ 26, 2024
    මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්රමිතියෙන් තොරව ප්රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්ය සැපයීම අංශයේ අධ්යක්ෂ වෛද්ය කපිල වික්රමනායක මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය මේ මස 30 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (26) නියම කළා.

    මෙම ඉල්ලීමට අදාළ නියෝගය අද දින ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

    එහෙත් එම නියෝගය ප්රකාශ කිරීම මේ මස 30 වැනිදා සිදු කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා නියෝග කළා.

    Latest News