බංගලාදේශයට අධික වැසි - ගංවතුරින් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන්

ජූනි 18, 2022

    බංගලාදේශයේ උතුරු සහ ඊසාන ප්‍රදේශවලට මේ දිනවල බලපා ඇති ගංවතුර හේතුවෙන් ජන ජීවිතයට දැඩි බාධා එල්ලවී තිබෙනවා.

    බංගලාදේශයේ මෝසම් වැසි සමය ආරම්භවීමත් සමග අඛණ්ඩව වැසි ඇද හැලෙනවා. එම නිසා ඇතිව තිබෙනව ගංවතුර බලපෑම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන්ව සිටිනවා. "සුනම්ගන්ජ්" සහ "සිල්හෙට්" යන ප්‍රදේශවල නිවාස දහස් ගණනක් ජලයෙන් යටවී පවතිනවා. එම ප්‍රදේශවලට දැඩි හානි සිදුව ඇති අතර, විදුලිය ද විසන්ධි වී තිබෙනවා.

    බංගලාදේශ කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවන්නේ, සියලුම ප්‍රධාන ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවයි. අධික වර්ෂාපතනය නිසා කුරිග්‍රම්, නිල්ෆාමරි සහ රන්පූර් ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවත් දරුණු තත්ත්වයට පත්විය හැකි බවද, බලධාරින් පවසනවා. විපතටපත් ජනතාව මුදාගැනීමට සහ සහන සැලසීම සඳහා හමුදාව ද යොදවා ඇතැයි සඳහන්.

    Latest News