ඉරාන ජාතිකයන්ගේ මනුස්සකම

අප්‍රේ 23, 2024
    උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හෙට ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබේ.
    උමා ඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ ‘චුලෝචනා’ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබීම කැපී පෙණෙන සිද්ධියකි. සුලෝචනා යන්න ඉරාන භාෂාවෙන් උච්චාරණය වනුයේ චුලෝචනා යනුවෙනි.
    ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති ටබයින දෙකෙන් මෙගා වොට් 120 ක ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට මුදා හැරෙන අතර මීටර 300 ක් පමණ ගැඹුරක සිට ඉංජිනේරුවන් සහ කම්කරුවන් සඳහා පාන වර්ග සකස්කර දීම ඇතුළු සෙසු කාර්යන් ඉටුකිරීම ඇගයීම වෙනුවෙන් මෙසේ එම සේවිකාවන්ගේ නම්වලින් මෙගාවොට් 60 බැගින් වන විදුලි ජනන යන්ත්‍ර දෙක නම් කළ බව උමාඔය විදුලි බලාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    Latest News