අමෙරිකාවෙන් තවත් ඩොලර් මිලියන 5.75ක්....

ජූනි 21, 2022

    අමෙරිකා එක්සත් ජනපදය, මෙරටට තවත් ඩොලර් මිලියන 5.75ක පරිත්‍යාගයක් කිරීමට එකඟවී තිබෙනවා.

    ඒ, පසුගිය සතියේ ලබාදීමට එකඟ වූ ඩොලර් මිලියන 6ට අමතරවයි. අඩු ආදායම්ලාභී ප්‍රජාවට ඍජුවම සැපයීම සඳහා එය ලබාදෙන බවයි, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ. කෙටි කාලීන රැකියා අහිමි වූ සහ අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට මෙන්ම, කෘෂිකර්මාන්තය වෙනුවෙන් මෙම මුදල ලබාදෙනු ඇති. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය මගින් මෙම මුදල ප්‍රදානය කෙරෙනවා.

    Latest News