දකුණු සුඩානයට දැනෙන අසීමිත කුසගින්න

ජූනි 15, 2022

    දකුණු සුඩානයේ කුසගින්නෙන් පෙළෙන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසයි.

    මීට එක් හේතුවක් ලෙස ඔවුන් පවසන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුදලන් හිඟ වීම නිසා සුඩානයේ ආහාර ආධාරවලින් කොටසක් කපා හැරීමට සිදුවීමයි.

    මේ හේතුවෙන් මිලියන 1.7ක පිරිසක් කුසගින්නේ පෙලීමේ අවදානමක් මතුව ඇතැයි, ඔවුන් පෙන්වා දෙයි.

    රුසියා - යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන්, ලෝක ආහාර මිල ඉහළ යාම හා ආහාර සැපයුම අඩාල වීම මෙම අර්බුදකාරී තත්වයට මූලික හේතුව බවයි, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසන්නේ.

    Last modified on බදාදා, 15 ජූනි 2022 12:38

    Latest News