කෙන්යා ගංවතුර තිස්දෙදෙනෙකු ගිලියි

අප්‍රේ 25, 2024
    කෙන්යාවේ නයිරෝබි අගනුවරට බලපා ඇති උග්‍ර ගංවතුර තත්වයෙන් තිස්දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, හතලිස්දහසකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි.

    දින කිහිපයක් පුරා ඇදහැලුණු ධාරාණිපාත වැසි හේතුවෙන් නගරයේ මාර්ග සියල්ලම ජලයෙන් යට වුණා. බොහෝ පිරිස් නිවෙස් හැර ගොස් ඇති අතර, නිවාස රැසක් මුළුමණින්ම විනාශ වී ගොසින්.
    ජලගැලීම් හේතුවෙන් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. විපතට පත්වූවන් සඳහා ආහාර මෙන්ම, සෞඛ්‍ය ආධාර ලබාදීමට කෙන්යානු රතුකුරුස සංවිධානය පියවර ගෙන තිබෙනවා.
    කෙන්යාවේ කාලගුණ අංශ පවසන්නේ, වැසි සහිත කාලගුණය තවත් දින කිහිපයක් පැවතිය හැකි බවයි.

    Latest News