ආහාර ගබඩාවකට රුසියානු ප්‍රහාරයක්....

ජූනි 21, 2022

    රුසියානු මිසයිල ප්‍රහාරයකින් "ඔඩෙසා" ප්‍රදේශයේ පිහිටි ආහාර ගබඩාවක් විනාශ වූ බව, යුක්‍රේන බලධාරින් පවසනවා.

    ආහාර ගබඩාව පිහිටා තිබුණේ, කළු මුහුද ආශ්‍රිතව පිහිටි ඔඩෙසා වරාය සමීපයේ යි. යුක්‍රේන හමුදා ප්‍රකාශ කළේ පැය 03ක පමණ කාලයක් පුරා එල්ල වූ රුසියානු ප්‍රහාර සඳහා මිසයිල 14ක් යොදාගෙන තිබූ බවයි.  රුසියානු හමුදාව යුක්‍රේන වරායන් අවහිර කිරීම හේතුවෙන් ගෝලීය ආහාර අර්බුදය කෙරෙහි තවදුරටත් දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බවයි, යුක්‍රේන ජනාධිපතිවරයා අනතුරු අඟවන්නේ.

    Latest News