උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ඉතියෝපියානු දරුවන්...

ජූනි 17, 2022

    ඉතියෝපියානු දරුවන්ගෙන් 185,000ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව, "save the children " ජාත්‍යන්තර පුණ්‍යායතනය පවසනවා.

    ඉතිියෝපියාවේ බොහෝ ප්‍රදේශ වසර 40ක පමණ කාලයක් මුළුල්ලේ දරුණු නිහඟයකට හසුවී තිබෙනවා. මින් බහුලවම පීඩා විඳින්නේ කුඩා දරුවන් බවයි වාර්තාවන්නේ. "save the children " ජාත්‍යන්තර පුණ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ සේවියර් ජෝබර්ට් පවසන්නේ, දිගු කලක් පවතින නියඟය මෙන්ම, අප්‍රිකානු කලාපයේ අති යුද ගැටුම් සහ කොවිඩ් වසංගතය හේතුවෙන් ඉතියෝපියානු ආර්ථිකය දරුණු බිඳ වැටීමකට ලක් වෙමින් පවතින බවයි. වර්ෂා කාල 4ක් දැනටමත් මගහැරී ඇති අතර, කෝටි 03කට ආසන්න ඉතියෝපියානු ජනතාවට මානුෂීය ආධාර අවශ්‍ය බවයි, එම පුණ්‍යායතනය පෙන්වා දෙන්නේ.

    Latest News