යුක්‍රේනය හා රුසියාව අතර පවතින යුද ගැටුම් නැවැත්වීමට කාලය එළඹ ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ට් පවසනවා.

පකිස්තානයේ ලාහෝර් නගරයේ ළමා රෝහලක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් මිලියන ගණනක් වටිනා ඖෂධ රැසක් විනාශ වී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2060 වසර වන විට ලොව පුරා එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය තුන්ගුණයකින් ඉහළ යා හැකි බව ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංවිධානයේ පරිසර ආයතනය පෙන්වා දෙනවා.

රුසියාව, යුක්‍රේනය අත්පත් කරගත් භූමියේ පවතින සම්පත්, මුදල් ඉපැයීමට යොදාගෙන තිබෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් ටර්කි (Turkey) ලෙස හඳුන්වනු ලැබූ තුර්කිය සිය නම වෙනස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පොදු ස්ථානවලට කඩා වැදී සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීමේ තවත් පුවතක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

ගෝලීය වශයෙන් වාර්තාවන කොරෝනා මරණ ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. ලොව පුරා ඊයේ (01) සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1,487කි.

ඊසාන දිග බ්‍රසීලයේ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් මියගිය පිරිස 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සුපිරි ඉන්දීය ගායක ක්‍රිෂ්ණකුමාර් කින්නත් මියගොස් තිබෙනවා. මොහු ලෝක ප්‍රසිද්ධව සිටියේ කේ.කේ නමින්.

රුසියා-යුක්‍රේන හමුදා අතර යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ දරුණු සටන් පවතින බව වාර්තා වනවා.

ලොව අග්‍රගන්‍ය සිතුවමක් වන මොනාලිසා චිත්‍රයට කිසියම් පුද්ගලයෙකු කේක් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවමක් වන මෙය ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ. බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120ක් ලෙස ඊයේ සටහන් විය.

ගිනිඅවි මිලදී ගැනීමට හා විකිණීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට කැනඩාව සූදානම් වෙයි.

පවතින අර්බුදය හමුවේ බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සදහන් කරයි.

ජනතාවගේ ඓතිහාසික විඥානය සහ සංස්කෘතික ආත්ම විශ්වාසය ශක්තිමත් කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. 

ඊජිප්තුව යුරෝ බිලියන 8ක දැවැන්ත ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, එරට යුද පෙරමුණේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටින සෙබළුන් හමුවීමට කාර්කිව් පලාතට ගොස් ඇත.

පුද්ගලයින් 20 දෙදෙනෙකු රැගත් නේපාල ගුවන් යානයක් අතුරුදන්ව තිබෙනවා.

ඊසාන දිග බ්‍රසීලයේ ෆර්නම්බුකෝ ප්‍රාන්තයට ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාව ‍හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් වසර 02කට ආසන්න කාලයක් වසා තිබූ ජපානයේ දේශසීමා රටවල් 98ක සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබෙනවා.

Latest News