මහින්ද,දුමින්ද,ලසන්ත වාරණ නියෝගය දීර්ඝ කෙරේ

අප්‍රේ 24, 2024
    අමාත්ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 8 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියම කළා.

    තමන්ව ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්යවරු විසින් ගොනුකළ පැමිණිලි අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා අධිකරණය මෙම නියෝග නිකුත් කළා.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2024 11:14

    Latest News