අමෙරිකානු මහ බැංකුව පොලී අනුපාත ඉහළ නංවයි...

ජූනි 16, 2022

    ලොව විශාලතම සංචිත හිමි අමෙරිකානු මහ බැංකුව වසර 30කට පමණ පසු සැලකිය යුතු අගයකින් පොලී අනුපාත ඉහළ නංවා තිබෙනවා.

    ඒ අනුව 1.5%ක්ව පැවති අනුපාත 1.75% දක්වා ඉහළ දමා ඇති බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. අමෙරිකාවේ උද්ධමනය ද වාර්තාගත ලෙස ඉහළ යමින් පවතිනවා. ඉකුත් මාර්තු මාසයේ සිට මේ දක්වා අමෙරිකාව එරට පොලී අනුපාත ඉහළ දැමූ තුන්වැනි අවස්ථාව මෙයයි. ආර්ථිකය අයහපත් වන ලකුණු පෙන්නුම් කිරීම නිසා ඉදිරි මාස කිහිපය තුළ යළි පොලී අනුපාත ඉහළ දැමීමට සිදු වනු ඇති බවයි, අමෙරිකානු බලධාරීන් පවසන්නේ.

    අමෙරිකාව, 1994 වසරට පසු මෙලෙස පොලී අනුපාත වැඩිම අගයකින් ඉහළ දැමීම ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන එරටට පමණක් නොව, සමස්ත ලෝකයටම බලපෑම් කරන බවයි, ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. එරට ආර්ථික වර්ධන වේගය තවදුරටත් මන්දගාමී වන අතර, විරැකියාව ද ඉහළ යනු ඇති බවයි, ඔවුන් පවසන්නේ.

    Latest News