ඉන්දියාව තිරිඟු අපනයනය තහනම් කර ඇති බව, එරට වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

රුසියානු හමුදාව කර්කිව් නගරයේ බලය අල්ලා ගැනීමේ උත්සහය අතහැර දමා ඇති බව, යුක්‍රේන ආරක්‍ෂක අංශ පවසනවා.

අල් ජසීරා මාධ්‍ය ජාලයේ ෂිරීන් අබු නැමති මාධ්‍යවේදිනියගේ අවමංගල්‍යය අතරතුර පැවැත්වූ විරෝධතාවකට ඊශ්‍රායල් ආරක්ෂක අංශ ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මිලියන 06කට වැඩි යුක්‍රේන ජාතිකයන් පිරිසක් සිය රට අතහැර ගොස් තිබෙනවා.

එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ශෙයික් කලීෆා අද (13) අභාවප්‍රාප්ත වුණා.

රුසියානු හමුදාවන්ට යුක්‍රේනයේ ඩොන් බාස් ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම දුෂ්කර වී ඇති බව, බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අංශ පවසනවා.

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.98 දක්වා අඩුවී තිබේ.

ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීනයේ බටහිර ඉවුරේ සිදුකළ වැටලීමකදී අල් ජසීරා පුවත් සේවයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වූ ශිරීන් අබු අක්ලා වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 51 හැවිරිදි ෂිරීන් මිය යන විට ද සිය රාජකාරියේ නිරතව සිටියාය.

ලොව බලවත් රටවල් අභ්‍යවකාශයේ ආධිපත්‍යයක් පවත්වා නොගත යුතු බව චීනය පවසයි.

ශ්‍රී ලංකාවේ තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වීම වළක්වා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකාවේ ඊයේ ඇතිවූ තත්වය පිළිබඳව රටවල් සහ ආයතන කිහිපයක් නිල නිවේදන නිකුත් කර තිබේ. එමෙන්ම විදෙස් මාධ්‍ය රැසකද ඒ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබිණ.

අමෙරිකාව යුක්‍රේනයේ යුද කටයුතු සදහා ඩොලර් මිලියන 150ක ආධාර ලබාදිමට පියවර ගෙන තිබේ.

බ්‍රසීලයේ, ඇමසන් වනාන්තර වන විනාශය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ වසර තුළ ගෝලීය දිළිඳු ජනගහනය වාර්තාගත ලෙස ඉහළ යනු ඇතැයි, "ඔක්ස්ෆෑම්" සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙනවා.

කියුබාවේ අධි සුඛෝපභෝගී හෝටලයක සිදුවූ පිපිරීමකින් 22දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

යුක්‍රේන යුද්ධයේ දී න්‍යෂ්ටික අවි භාවිත නොකරන බවට රුසියාව ප්‍රතිඥා දී තිබේ.

යුක්‍රේනයේ මරියුපෝල් නගරයේ ජනතාව ඉවත් කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිවිල් වැසියන් ඉවත් කර ගැනීම මේ වන විට තෙවැනි අදියරේ පවතින බවයි.

ඉරාකයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ බලපෑ වැලි කුණාටුවක් හේතුවෙන්, 5,000කට අධික පිරිසක් රෝහල්ගත කර තිබෙනවා.

ඊශ්‍රායලයේ "එලාඩ්" නගරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

ඉහළ යන උද්දමනය හමුව් ලොව රටවල් රැසක් ආර්ථික ගැටලුවලට මුහුණ දෙමින් ඇත.

Latest News