මැක්‍රොන්ගේ සන්ධානයට පාලන බලය අහිමි වෙයි

ජූනි 20, 2022

    ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ගේ සන්ධානයට එරට පාලන බලය අහිමි වී තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රංශ මහ මැතිවරණයේ ප්‍රතිඵල අනූව පුරෝකථනය කෙරෙන්නේ, පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට ඔහුගේ සන්ධානයට නොහැකි වනු ඇති බවයි.

    දැනට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනූව ජින් ලුක් මෙලෙන්චෝන්ගේ වාමාංෂික පක්ෂයට ආසන 149ක් 188ක් ලබා ගන්නා බවත් එය ප්‍රධාන විපක්ෂ බලවේගය බවට පත් වනු ඇති බවයි.

    මරීන් ලපෙන් සහ ඇයගේ දක්ෂිණාංශික පක්ෂය දැනටමත් ආසන 89ක් දිනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. දෙවැනි වරටත් ජනාධිපති ලෙස තේරී පත්ව මාස දෙකක් යන්නට මත්තෙන් ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෙන්ගේ සන්ධානයට ආසන 200ත් 250ත් අතර සංඛ්‍යාවක් ලබා ගත හැකි බවයි පුරෝකථනය කර තිබෙන්නේ.

    නමුත් ප්‍රංශ පාර්ලිමේන්තුවේ පාලන බලය හිමි කර ගැනීමට නම් 289කට වැඩි ආසන ප්‍රමානයක් යම් පක්ෂයක් හෝ සන්ධානයක් සතුව තිබිය යුතුය. ශක්තිමත් බහුතරයක් ලබා දෙන ලෙස ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් ඉල්ලා සිටියත්, නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනූව ඔහුගේ සන්ධානයට එය අහිමි වී තිබේ.

    Last modified on සදුදා, 20 ජූනි 2022 10:52

    Latest News