සා.පෙළ ටියුෂන් 30න් අවසන්

අප්‍රේ 25, 2024
    මෙවර අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්යම රාත්රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව එදින මධ්යම රාත්රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇති බව එහි ප්රකාශකයෙකු සඳහන් කළා.

    එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්රියාමාර්ග ගැනීමට ද නියමිතයි.
    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2024 08:56

    Latest News