"නූරි" අභ්‍යාවකාශයට....

ජූනි 21, 2022

    දකුණු කොරියාව දේශීයව නිපදවූ සිය ප්‍රථම අභ්‍යවකාශ රොකට්ටුව අද (21) අභ්‍යවකාශගත කෙරුණා.

    මෙහෙයුම සාර්ථක වූ බවයි, දකුණු කොරියානු බලධාරින් පවසන්නේ. අභ්‍යවකාශ රොකට්ටුව නම්කර ඇත්තේ "නූරි" ලෙසයි. ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී රොකට්ටුව අභ්‍යාවකාශගත කිරීමේ පළමු උත්සාහය අසාර්ථක වීමෙන් මාස කිහිපයකට පසු මෙලෙස සාර්ථකව එය අභ්‍යවකාශ ගතකිරීමට හැකිවූ බවයි, දකුණු කොරියානු විද්‍යා අමාත්‍යාංශය පවසන්නේ. ටොන් 200ක ද්‍රව ඉන්ධන සහිත "නූරි" රොකට්ටුව දකුණු කොරියාවේ "ගෝහියෝං" ප්‍රදේශයේ පිහිටි මධ්‍යස්ථානයකදී අභ්‍යාවකාශ ගතකර තිබෙනවා. රොකට්ටුව සංවර්ධනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ මුදලක් වැයවී තිබෙනවා.

    Latest News