වඳුරු උණට එන්නත් තොගයක්

ජූනි 15, 2022

    යුරෝපා සංගමය, මංකි ෆොක්ස් හෙවත් වඳුරු උණ රෝගය සඳහා එන්නත් එක් ලක්ෂ දස දහසක් ඇණවුම් කර ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඊට අදාළ ගිවිසුමට එළඹ ඇත්තේ ඩෙන්මාර්කයේ බාවේරියන්ස් නෝඩ්ක් සමාගම සමගයි. එම සමාගමෙන් එන්නත් ලබා ගැනීම සඳහා මේ වන විටත් රටවල් රැසක් ගිවිසුම්වලට එළඹ තිබේ.

    අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවලට පමණක් සීමා වී තිබූ මංකි ෆොක්ස් රෝගය පසුගිය මාසයේ යුරෝපයේ රටවල් රැසකින් හමුවූ අතර, යුරෝපා සංගමයට අයත් රටවල් 900කින් පමණ සොයාගෙන තිබේ.

    Last modified on බදාදා, 15 ජූනි 2022 12:38

    Latest News