සිරියාවේ බස් රථයකට ප්‍රහාරයක්

ජූනි 21, 2022

    උතුරු සිරියාවේ අධිවේගී මාර්ගයක බස් රථයක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සිරියානු සොල්දාදුවන් 11 දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු මියගිය බව සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

    සිරියාවේ රක්කා නගරය සහ හොම්ස් නගරයට සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ගයේ දී මෙම බස් රථය ත්‍රස්ත ප්‍රහාරයට ලක් වී තිබේ. අයි එස් අයි එස් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාර ගෙන තිබේ. එම සංවිධානය පවසන්නේ, බස් රථය ඉලක්ක කර ගෙන මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවයි.

    එම බස් රථය සිවිල් වැසියන් ප්‍රවාහනය කරන බස් රථයක් බව හමුදා සොල්දාදුවන් රැගෙන යන බස් රථයක් බවයි, එම සංවිධානය පැවසුවේ. සිරියානු රජය මෙම ප්‍රහාරය දැඩිව හෙළා දැක තිබේ.

    අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය සහ සිරියානු රජයේ හමුදා අතර 2013 වසරේ සිට දරුණු යුධ ගැටුම් ඇතිවිය. මෙම ගැටුම් හේතුවෙන් ලක්ෂ 4කට අධික සිවිල් වැසියන් සංඛ්‍යාවක් මිය ගිය අතර මිලියන ගණන් ජනතාව සරණාගතයින් ලෙස වෙනත් රාජ්‍යවලට පළා ගොස් තිබේ.

    Last modified on අඟහරුවාදා, 21 ජූනි 2022 11:18

    Latest News