ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ ඔවුන්ව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.ඔවුන් දෙදෙනා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස නීතිඥවරුන් විසින් මෝසමක් ඉදිරිපත් කර ඇප ලබා ගෙන තිබෙනවා. Twitter