අබුඩාබි අහසේ සිංහ ධජය ලෙළදේ

අප්‍රේ 24, 2024
    20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තම දෙවැනි පුහුණු තරගයේද ජයග්රහණය වාර්තා කිරීමට ශ්රී ලංකා ක්රීඩිකාවන් සමත්වුණා.
    ඒ, වනවාටු කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 9 කින් ජය ගනිමින්.

    අබුඩාබිහී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් වනවාටු ක්රීඩිකාවන්, පන්දුවාර 17 කදී සියලු දෙනා දැවී රැස් කළේ, ලකුණු 58 ක් පමණයි.

    ඔවුන්ගේ ක්රීඩිකාවන් අතරින් ලකුණු 10 සීමාව පසුකළේ, එක් ක්රීඩිකාවක් පමණක් වීම විශේෂත්වයක්.
     
    පන්දු යැවීමේ දී සශිනි ගිම්හානි කඩුලු 3 යි. උදේෂිකා ප්රබෝධිනි, අචිනි කුලසූරිය සහ ඉනෝකා රණවීර කඩුලු දෙක බැගින් බිද හෙලුවා.
     
    ශ්රී ලංකා ක්රීඩිකාවන් තරගය ජයගත්තේ, පන්දුවාර 8 යි පන්දු දෙකකදී කඩුල්ලක් දැවි ලකුණු 59 ක් රැස් කරමින්. හසිනි පෙරේරා නොදැවි ලකුණු 27 යි.

    Latest News