යුක්‍රේනයේ දරුණු සටන්...

ජූනි 19, 2022

    යුක්‍රේනයේ සෙවරඩොනෙක්ට්ස් සහ ඉන් පිටත ප්‍රදේශවල තවදුරටත් දරුණු සටන් පවතින බව, ලුහාන්ස්ක් ආණ්ඩුකාරවරයා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ, සෙවරඩොනෙක්ට්ස්හි 80%ක භූමි ප්‍රදේශයක් මේ වනවිට රුසියානු හමුදාව යටතට පත්ව ඇති බවයි. රුසියානු ප්‍රහාරවලින් එහි දැඩි විනාශයක් සිදුව ඇති අතර, නගරයේ බලය සම්පුර්ණයෙන් අත්පත් කර ගැනීමට රුසියානු හමුදාව අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බව ලුහාන්ස්ක් ආණ්ඩුකාරවරයා සඳහන් කරනවා.

    රුසියානු හමුදාව ලයිසිචන්ස්ක් නගරයට ද අඛණ්ඩව ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ,රුසියාව එල්ල කළ රොකට් ප්‍රහාරවලින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

    Latest News