පලස්තීන ජනපතිගේ ඉල්ලීම

අප්‍රේ 29, 2024
    ඊශ්රායලය, ගාසාහි රෆා නගරයට එල්ල කරන ප්රහාර නැවැත්විය හැක්කේ අමෙරිකාවට පමණක් බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසනවා.

    මේ වන විට මිලියනයකට අධික පිරිසක් රෆා නගරයේ රැකවරණය ලබා සිටිනවා.

    මෙම ගැටලුවට මැදිහත් වන ලෙස පලස්තීන ජනාධිපතිවරයා අමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා. පලස්තීන ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ, සෞදියේ රියාද් අගනුවර පැවති ලෝක ආර්ථික සංසදයේ දී.
     
    රෆා නගරයට ප්රහාරයක් එල්ල කරන බව ඊශ්රායලය දිගින් දිගටම ප්රකාශ කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථන සංවාදයක යෙදී තිබෙනවා.
     
    එහිදී රෆා නගරය පිළිබඳ ජෝ බයිඩන්ගේ ස්ථාවරය නැවත අවධාරණය කළ බවයි විදෙස් මාධ්ය පවසන්නේ.
     
    සාමාන්ය වැසියන්ට හානියක් නොවන අයුරින් විශ්වසනීය සැලැස්මක් නොදැක, රෆාහි මහා පරිමාණ ඊශ්රායල හමුදා මෙහෙයුමකට සහාය දිය නොහැකි බව මෙහිදී අමෙරිකාව යලි අවධාරණය කර තිබෙනවා.
     
    2007 වසරේ සිට ගාසා තීරය පවතින්නේ හමාස් පාලනය යටතේ. ගාසාහි ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් සිටින්නේ, රෆා නගරයේ.
     
    ජනාකීර්ණ දකුණු නගරයේ තත්ත්වය දැනටමත් දරුණුවී ඇති අතර, එහි අවතැන් වූවන් බීබීසී මාධ්ය වෙත පවසා ඇත්තේ, එහි ආහාර, ජලය සහ ඖෂධ හිඟයක් පවතින බවයි.

    Latest News