ජීවිත 76ක් උදුරාගත් ගංවතුර

අප්‍රේ 28, 2024

    කෙන්යාවට බලපා ඇති ධාරානිපාත වැසි හේතුවෙන්, මියගිය පිරිස 76 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 29 දෙනෙක්.

    කෙන්යානු රජය පවසන්නේ ඉකුත් මාර්තු මස සිට බලපා ඇති දරුණු ගංවතුර තත්වය හමුවේ, එක්ලක්‍ෂ තිස්දහසකට වැඩි පිරිසක් අවතැන්ව සිටින බවයි. පුද්ගලයින් 19 දෙනෙකු තවමත් අතුරුදන්.

    නයිරෝබි අගනුවරින් පමණක් මේ සතිය තුළ  මරණ 32 ක් වාර්තා වුණා. හදිසි ආපදා තත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා එරට රජය ඩොලර් මිලියන 24 ක මූල්‍ය ප්‍රතිපාදන යෝජනා කර තිබෙනවා. ගංවතුර හේතුවෙන් පාසල් රැසකට ද අලාබ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    රතු කුරුස සංවිධානයේ වාර්තාවලට අනුව කෙන්යාවේ ප්‍රාන්ත 47 න් 26ක ජනතාව ජලගැලීම්වලින් පීඩාවට පත්ව සිටිනවා.  කෙන්යාව ඇතුළු නැගෙනහිර අප්‍රිකානු රටවල් දේශගුණික විපර්යාසයන්ට නිරන්තරයෙන් මුහුණ දෙමින් සිටින අතර මෑත සති ගණනාවක සිට එම රටවලට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා.

    Latest News