අවුරුදු සිරි රටට කියන "වසත් සිරිය" 2024 - තරඟ කරන්න - තෑගි දිනන්න ඔබටත් අවස්ථාව

අප්‍රේ 18, 2024

    "වසත් සිරිය - 2024" අලුත් අවුරුදු උත්සවය ගාලුමු‍වදොර ෂැංග්‍රිලා හරිත භූමියේ දී ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ සේවක සුබ සාධක සංගමය සහ රජයේ අමාත්‍යාංශ එක්වයි, එය සංවිධාන කරන්නේ.

    www.pmd.gov.lk වෙඩ් අඩවියට පිවිසීමෙන් එහි සංවිධාන කෙරෙන තරග ඉසව්වලට අදාළ අයඳුම්පත් ලබා ගත හැකි බව, ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. තරග ඉසව් 17 ක් සංවිධාන කර ඇති අතර, ඒවා රාජ්‍ය, විවෘත සහ ආගන්තුක යන අංශය යටතේ පැවැත්වෙනවා. අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ළමුන්ට ඊට සහභාගී විය හැකියි.

    ලාංකීය සංස්කෘතිය මෙන්ම, අතීත උරුමය විදහා දැක්වෙන අංග රැසකින් යුක්තවයි, උත්සවය සංවිධාන කෙරෙන්නේ. “වසත් සිරිය - 2024” අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා සහ කුමරිය තරගය සඳහා අයඳුම්පත් බාර ගැනීමේ කාලය ලබන 23 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

    Latest News