සෙවරඩොනෙක්ස් වැසියන්ට මානුෂීය කොරි‍ඩෝවක්

ජූනි 15, 2022
    සිය හමුදාව බලය තහවුරු කර ගනිමින් පවතින යුක්‍රේනයේ සෙවරඩොනෙක්ස් නගරය තුළ සිරවී සිටින සිවිල් වැසියන් ඉවත් කිරීම සදහා මානුෂීය කොරි‍ඩෝවක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව රුසියානු ආරක්‍ෂක අංශ පවසයි.
    ඔවුන් සදහන් කරන්නේ එම වැසියන් ලුහාන්ස්ක් ප්‍රදේශයට රැගෙන යාමට පියවර ගන්නා බවයි. 
    මෙහිදී සෙවරඩොනෙක්ස් හි 'ඇසෝට්' කර්මාන්තශාලාව තුළ රැඳී සිටින යුක්‍රේන සෙබළුන්ට යටත් වීම සදහා යම් කාලයක් ලබා දෙන බව රුසියානු ආරක්‍ෂක අංශ අවධාරණය කරයි. 
    Last modified on බදාදා, 15 ජූනි 2022 12:38

    Latest News