ඔස්ට්‍රෙිලියාවේත් පැය 02ක් විදුලි පහන් නිවේ...

ජූනි 17, 2022

    බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස පැය 02ක කාලයක් විදුලි පහන් නිවා දමන ලෙස ඔස්ට්‍රෙිලියානු බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් එරට විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

    එරට පසුගියදා පැවති රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඉල්ලා සිටියේ, සෑම දිනකම පස්වරුවේ පැය 02ක් හෝ ඊට ආසන්න කාලයක් විදුලි භාවිත කිරීම හැකිතරම් අවම කිරීමට ක්‍රියා කරන ලෙසයි. විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඔහු නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලීමක් කළා. ඔස්ට්‍රෙිලියාව ලොව විශාලතම ගල් අඟුරු සහ ද්‍රව ස්වභාවික වායු අපනයනකරු වන අතර, පසුගිය මාසයේ සිට බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටිනවා.

    ගල් අඟුරු බලාගාර කිහිපයක් ඇණහිටීම සහ යුක්‍රේන - රුසියානු යුද්ධය හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ඉහළ යාම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබෙන බවයි, ආර්ථික විශේෂඥයින් පවසන්නේ. ඔස්ට්‍රෙිලියාවේ ප්‍රධානතම විදුලි ජනන මාධ්‍ය වන්නේ, ගල් අඟුරුයි. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් ආයෝජනය නොකිරීම පිළිබඳව එරට පාලන අධිකාරියට චෝදනා ද එල්ල වී තිබෙනවා.

    Latest News