දිය යට සැඟව ගිය අසරණ ජීවිත

අප්‍රේ 24, 2024
    ජිබුටි රාජ්යයේ වෙරළට ඔබ්බෙන් වූ මුදුදේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 33 දෙනෙකු මියගොස් ඇති බව, විදෙස් මාධ්ය වාර්තා කරනවා.

    මියගිය පිරිස අතර අට හැවරිදි පිරිමි දරුවෙකුද සිටින බවයි, විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.

    එක්සත් ජාතීන්ගේ සංක්රමණිකයින් සඳහා වන ඒජන්සිය පවසන්නේ, යෙමෙනය දෙසට පැමිණි මෙම ඉතියෝපියානු සරණාගතයින් 77 දෙනා සිය රට වෙත හරවා යැවීමට කටයුතු කර තිබූ බවයි.
     
    ඒ, යෙමෙනයේ තිබෙන ආර්ථික සහ දේශපාලනික අස්ථාවර භාවය හේතු කොටගෙනයි.
     
    ඔවුන් සිය රට වෙත බෝට්ටුවක් ආධාරයෙන් යාත්රා කරමින් සිටියදී "ජිබුටි රාජ්යයේ" වෙරළට ඔබ්බෙන් වූ මුදුදේදී පෙරළී ගොස් තිබෙනවා.
     
    මෙම බෝට්ටුව අනතුරට ලක්ව තිබෙන ආකාරය නිරීක්ෂණ කර, ධීවරයින් "ජිබුටි" වෙරළාරක්ෂක නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.
     
    20 දෙනෙකුට වැඩි පිරිසක් බේරා ගැනීමට වෙරළාරක්ෂක නිලධාරීන්ට හැකිවී තිබෙනවා.
     
    සරණාගතයින්ගේ මළ සිරුරු 33 ක් සොයා ගෙන ඇති අතර, 8 දෙනෙකු අතුරු දහන් වී ඇති බවයි, වාර්තා වන්නේ.
     
    දිවි ගලවා ගත් සරණාගතයින් "ජිබුටි" රාජ්යයේ "ගොඩෝරියා" නගරයේ තිබෙන ප්රධාන රෝහල වෙත ප්රතිකාර සඳහා රැගෙන ගොස් තිබෙනවා.

    Latest News