සන්රයිසස් පෙරට ගෙනා අධි වේගී ලකුණු මැෂින්

අප්‍රේ 21, 2024

    ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ජයහිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ දිල්ලිහිදි.

    පළමුවෙන් පන්දුවට පහරදුන්, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 7ක් දැවී ලකුණු 266ක් රැස්කළා.

    වැඩිම ලකුණු ලාභියා වු ට්‍රැවිස් හෙඩ් පන්දු 32කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 89ක්. ඔහු‍ගේ ඉනිමට 4 පහර 11 සහ 6 පහර 6ක් ඇතුළත්. අභිෂේක් ශර්මා පන්දු 12කදී ලකුණු 46ක් රැස්කළේ 4 පහර 2ක් සහ 6 පහර 6ක් ද සමගයි.

    ෂබාස් අහමඩ් නොදැවී ලකුණු 59යි. පන්දු යැවීමේදී කුල්දීප් යාදේව් ලකුණු 55කට කඩුලු 4ක් බිඳ හෙළුවා. පිළිතුරු ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දුවකදී සියලු ක්‍රිඩකයින් දැවී රැස් කරගත හැකිවුයේ ලකුණු 199ක් පමණයි.

    ජේක් ෆ්‍රේසර් ලකුණු 65යි. රිෂාබ් පාන්ට් ලකුණු 44ක් සහ අභිෂේක් පොරේල් ලකුණු 42ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ටී නටරාජන් කඩුලු 4ක් බිඳ හෙළුවා. තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ලකුණු 67ක ජයක් හිමිවුණා.    

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2024 15:45

    Latest News