දැනට ඉදිරිපත්ව ඇති "ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත" වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් භාර දී තිබෙනවා.

ශ්‍රී ලංකාව සතුව පවතින අත්‍යවශ්‍ය ඖෂධ සහ හිඟ ඖෂධ සම්බන්ධයෙන් ලේඛනයක් වහාම ඉදිරිපත් කරන ලෙස, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සෞඛ්‍ය  අමාත්‍යාංශයට අද උපදෙස් දුන්නා.

අද අලුයම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙනයාමේ යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබෙනවා.

ඉන්දියානු නිරු ඩයමන්ඩ් කටර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සංජය බේඩ් මහතා විසින් කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට සහය වීම සඳහා  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (07) දින අරලියගහ මන්දිරයේ දී රුපියල් ලක්ෂ 65ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රයක් ප්‍රදානය කළේය.

කොවිඩ් -19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලාංකික සමාජය පෙර අත්නොවිඳි අභියෝගයන්ට මුහුණ දුන් අවස්ථාවන්වලදී ජාතික ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට සුවිසල් දායකත්වයක් ලබා දුන් ජනහද හඳුනන මහජන බැංකුවට රටේ ජනතාව ආදරය කරන බව මුදල් අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) දින අරලියග මන්දිරයේ දී පැවසීය.

“ප්‍රඥාබන්‍දු” ශිෂ්‍යත්ව අරමුදල ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊ‍යේ (16) දින පස්වරුවේ දී බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

නෝනාගම වෝටර් පාර්ක් ජල උද්‍යානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (27) දින පස්වරුවේ විවෘත කරනු ලැබුවේය.

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන මෙහෙයුම් කමිටු සමාරම්භක රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී රැස්විය.

Latest News