අගමැති නෝනාගම වෝටර් පාර්ක් ජල උද්‍යානය විවෘත කරයි

පෙබ 28, 2021

    නෝනාගම වෝටර් පාර්ක් ජල උද්‍යානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (27) දින පස්වරුවේ විවෘත කරනු ලැබුවේය.

    දකුණු පළාත් පරිසර අමාත්‍යාංශය, රුහුණු සංචාරක කාර්යංශය සහ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ අරමුදල් සහ සම්පත් යොදා ගනිමින් රුපියල් ලක්ෂ 58ක වියදමෙන් මෙම ජල උද්‍යානය නිම කර තිබේ.

    අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ආර්.පී දර්ශන සංජීව මහතාගේ සංකල්පයකට අනුව කතරගමට - අතරමග ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස මෙම උද්‍යානය සංවර්ධනය කර ඇත.

    එහි ඇවිදින මංතීරු සහ ළමා උද්‍යාන ඇතුළු ජනතා ආකර්ශනීය ස්ථාන රැසකි.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ, අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ආර්.පී දර්ශන සංජීව මහත්වරු ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හා ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

    Latest News