අගමැතිට පිරිනැමූ රු.ලක්ෂ 65ක පීසීආර් යන්ත්‍රය දියතලාව රෝහලට

ජූනි 08, 2021

    ඉන්දියානු නිරු ඩයමන්ඩ් කටර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සංජය බේඩ් මහතා විසින් කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට සහය වීම සඳහා  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (07) දින අරලියගහ මන්දිරයේ දී රුපියල් ලක්ෂ 65ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රයක් ප්‍රදානය කළේය.

    ලංකා කම්කරු ක්‍රොංගසයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ සම්බන්ධීකරණය ඇතිව මෙම පී.සී.ආර් යන්ත්‍රය ප්‍රදානය කෙරිණි. ඒ අනුව අදාළ පී.සී.ආර් යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අනුව දියතලාව රෝහලට ලබා දීමට අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දුන්නේය.

    කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ රජයේ ප්‍රයත්නයට පෞද්ගලික අංශයෙන් ලැබෙන දායකත්වය මෙහි දී අග්‍රාමාත්‍යතුමා ඇගයීමට ලක් කළේය.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, ලංකා කම්කරු ක්‍රොංගසයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන්, නිරු ඩයමන්ඩ් කටර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සංජය බේඩ් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 08 ජූනි 2021 12:53

    Latest News