ඒකාධිපතීත්වයෙන් රට සංවර්ධනය කළ නොහැකි බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සංවර්ධනය කිරීමට නම් කැපවීමෙන් යුතුව කටයුතු කළ යුතු බව අද (15) අරලියගහ මන්දිරයේදී පැවසීය.

වරාය නගරය අධිවේගී මාර්ග පද්ධති හා සම්බන්ධ කෙරෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් අද ආරම්භ කෙරිණ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) මාලදිවයිනේ නිල සංචාරයක යෙදීමට නියමිතයි. ඒ, මාලදිවයින් ජනාධිපති ඊබ්රයහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සැප්තැම්බර් මස 02 දින මාලදිවයිනේ නිල සංචාරයක යෙදීමට නියමිත යි. ඒ, මාලදිවයින් ජනාධිපති ඊබ්රයහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුවයි.

Up date - අපනයන ආර්ථිකයක් ඔස්සේ ලොව හා එක්වී අපේ උත්සාහයෙන් රට ගොඩගන්නවා ද නැතිනම් හුදකලාවී පසු බසිනවා ද යන්න අද විසදාගත යුතු අභියෝගාත්මක ප්‍රශ්නය වන්නේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

කොළඹ 5, නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ ඉදිකරන ලද ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ 'නිල මැදුර' නව ගොඩනැගිලි සංකීර්ණය අද දින (ජූලි 25 බ්‍රහස්පතින්දා උදේ 11.00 ට ) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කිරීමට නියමිත බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

පාස්කු ප්‍රහාරයෙන් විනාශයට පත් වූ මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ පිළිසකර කටයුතු ලබන නත්තලට පෙර නිම කොට නත්තල් දේව මෙහෙය පැවැත්වීම සඳහා අවකාශ සලසා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙවර පොසොන් උත්සවය උත්කර්ශවත් අන්දමින් සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

සොබාදහමත් දිනෙන් දින අලුත් වෙමින් වසන්ත ශ්‍රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළැඹෙන සිංහල, දමිළ අලුත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලුත් කර ගැනීමටත් ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු පණිවිඩය මඟින් පවසයි.

රුපියල් කෝටි 3,000ක ආයෝජනයෙන් මාර්ග හා පාලම් ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම හා ඉදිකිරීම් ආරම්භ කිරීමේ ජාතික වැඩසටහන මාවනැල්ල නගරයේ දී අද ආරම්භ විය.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. “හදවත් යා කෙරෙන රන් මාවත්“ ජාතික වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි. අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සංකල්පයක් මතයි, එම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. එහි සමාරම්භක වැඩසටහන අද පැවැත්වුණේ මාවනැල්ල නගරයේ දී.

රුපියල් මිලියන 2480ක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරුණු මාවනැල්ල රඹුක්කන මාර්ගය සහ මාවනැල්ල අරණායක, හොරේවෙල මාර්ගය ජනතා අයිතියට පත් කෙරිණ. ඒ, අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. මාවනැල්ල හෙම්මාතගම-ගම්පොළ මාර්ගය ද ජනතා අයිතියට පත් කෙරුණේ ද අග්‍රාමාත්‍යතුමා අතින්. ඊට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 5780ක්.

අනතුරුව මාවනැල්ල නගරයේ ජන හමුවක් පැවැත්විණ. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවුයේ උණුසුම් පිළිගැනීමක්. බස්නාහිර හා වයඹ පළාත් යා කෙරෙන කොච්චිකඩේ පාලම ද අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ, අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. ඊට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 1500ක්. මැති-ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

Latest News