ලබන මාසය වන විට උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා සම්මුඛ පරික්ෂණ ආරම්භ කරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මඟී ජනතාවට වැඩි පහසුකම් සහිත හොඳ තත්ත්වයෙන් බස් රථ මිලදී ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම රජයට 2020 වසරේ දී ගෙවීමට ඇති ණය පොලිය හා ණය වාරිකය ලබන වසරේ ජාතික ආදායමටත් වඩා ඉහළ වුවත්, මහජනතාවට පිරිනමන  සුභ සාධන සේවා කිසිවක් කපා නොහරින බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තු කාර්යාලයේ සේවය කරන ඇතැම් නිලධාරින් හා තැරුව්කරුවන් පිරිසක් විසින් සිදු කරන නීතිවිරෝධි කටයුත්තක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

ප්‍රවාහණ වෛද්‍ය ආයතනයෙන් සහතික ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට අධි වේගි සේවාවක් Fast Track System කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

නත්තල් හා නව වසර උදාව නිමිති කොට පැවැත්වෙන උත්සව සමයේ මගී ප්‍රවාහන සේවා සම්බන්ධව සොයා බැලීම සඳහා ඊයේ පස්වරුවේ (24) ප්‍රවාහණ කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පිටකොටුව ලංගම බස් රථ නැවතුම් පොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එහි සාමාන්‍යාධිකාරිවරයාහට උපදෙස් ලබා දී තිබිණි.

මගි ජනතාවට කිසිදු පහසුකමක් නොදී ජනතා මුදල් ගසා කන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව කෙටි කලකින් අහෝසි කරණ බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා සම්බන්ධයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාමාන්‍යාධීකාරිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටියි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 7,000ක් පවතින බවත්, ඒ සඳහා සුදුසුකම් ඇති නිලධාරීන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Latest News